දේශීය

බිත්තර ලක්ෂයක් විසි කළ හේතුව ?

මහකුඹුක්කඩවල, වල්පාළුව රක්ෂිතය තුළ නරක් වු බවට සැක කරන බිත්තර විශාල ප්‍රමාණයක් කවුරුන් හෝ ගෙනවිත් දමා ඇතැයි ප්‍රදේශවාසියෙකුගෙන් ලැබුණු තොරතුරක් මත පුත්තලම දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් සහ පොලීසිය අද (11) එම රක්ෂිතයට ගොස් තිබුණි.

 

එහිදී දක්නට ලැබී ඇත්තේ බිත්තර විශාල ප්‍රමාණයක් කුඩුවී එහි කටු රක්ෂිතයේ පාළු ස්ථානයක විසිරි තිබුණු අයුරුය.

 

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සැක පළ කරන්නේ සඟවා සිටි බිත්තර ලක්ෂයක් පමණ මෙම ස්ථානයට ගෙනැවිත් දමන්නට ඇති බවටය.

 

මේ අතර, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමග වෙළෙඳපොළ තුළ ආනයනික අර්තාපල්, ලොකු ලූනු ඇතුළු භාණ්ඩ රැසක මිලගණන් මේ දිනවල සැලකිය යුතු මට්ටමින් පහළ ගොස් ඇත.

 

ඒ අනුව සතොස වෙළෙඳසැල් රැසක භාණ්ඩ මිල ගණන්ද පහළ ගොස් ඇති ආකාරය දක්නට ලැබුණි.

 

පිටකොටුව තොග වෙළෙඳසැල් ආශ්‍රිතව අප කළ සංචාරයේදී දැකගන්නට ලැබුණේ එහි අලෙවිකරන භාණ්ඩ රැසක මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති අයුරුය.

Related posts

ජනමත විචාරණයකින් තොරව මැතිවරණය කල්දාන්න බෑ – ජී එල්

Mohamed Dilsad

මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

ගාලු මුවදොර සිදුකළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 231 කින් ආසාදිතයන් 9 ක්

Mohamed Dilsad

Leave a Comment