දේශීය

75 වන නිදහස් උළෙල ගාලු මුවදොර දී

ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් දිනය අදට (04) යෙදී තිබේ.

 

නිදහස් දින සැමරුම් උළෙල අද පෙරවරුවේ ගාලු මුවදොර පිටිය ආශ්‍රිත භූමියේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරවරු 08.15ට නිදහස් උත්සව භූමියට පැමිණීමට නියමිතය.

 

අනතුරුව ජාතික ධජය එසවීමත් ජාතික ගීය ගායනය සමඟ නිදහස් දින උළෙලේ කටයතු ආරම්භ වේ.

 

නිදහස් දින පෙළපාලිය පෙරවරු 10-30 පමණ වනතෙක් පැවැත්වෙන බව යුද හමුදාවේ පිරිස් පාරිපාලන අධ්‍යක්ෂ බ්‍රිග්‍රේඩියර් උපුල් කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කළේය.

 

එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ නිදහස් දින සැමරැම් පෙළපාලිය සඳහා පොලීසිය නියෝජනය කරමින් බළඇණි හතරක් සහභාගි වන බවය.

 

නාවික හමුදාව නියෝජනය කරමින් පාබල බළඇණිවලට අමතරව නෞකා 03ක් 75 වන නිදහස් දින උ‍ළෙලට සහභාගි වීමට සියල්ල සූදානම් කර ඇති බව නාවික හමුදාවේ පරිපාලන අධ්‍යක්ෂ කොමදෝරු ධම්මික උඩුගම මහතා පැවසුවේය.

 

75 වන නිදහස් දින සැමරුම් උළෙල වර්ණවත් කිරීම සඳහා ගුවන් යානා 14ක්ද එක්වන බව ගුවන් හමුදාවේ භූමි මෙහෙයුම් අධ්‍යක්ෂ එයාර් වයිස් මාෂල් වරුණ ගුණවර්ධන මහතා සඳහන් කළේය.

 

එමෙන්ම නිදහස් දින සැමරුම් උළෙල හේතුවෙන් ගාලුමුවදොර හා ඒ අවට මාර්ග රැසක් වසා තැබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා දැනුම් දුන්නේය

Related posts

උණ්ඩ කොපු හමුවූ ලොරි රථයේ රියදුරාට සහ සහයකයාට ඇප

Mohamed Dilsad

අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට බලපත්‍ර ලබා දීමට අගමැතිගෙන් උපදෙස්

Mohamed Dilsad

පුද්ගලයින් 138 ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත

Mohamed Dilsad

Leave a Comment