දේශීය

උණ්ඩ කොපු හමුවූ ලොරි රථයේ රියදුරාට සහ සහයකයාට ඇප

දළදා මාළිගා පරිශ්‍රයේ කැළිකසළ බැහැර කිරීමට පැමිණි ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී T56 උණ්ඩවල හිස් කොපු හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පැහැදිලි කිරීමක් සිදුකළේය.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ,

 

“රතු පැහැති බෑගයක් තුළ T56 උණ්ඩවල හිස් කොපු 31ක් තිබිලා සොයාගෙන තිබෙනවා. ඒ සම්බන්ධව ලොරි රථ රියදුරාගෙන් සහ රථයේ සේවකයින්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා.. දින කිහිපයකට පෙර දළදා මාලිගාවෙන් කසළ ද්‍රව්‍ය අරගෙන නගරයේ කැළිකසළත් එකතු කරගෙන ඒ ප්‍රදේශයේ තිබෙන යුද හමුදා කඳවුරක කසළ ද්‍රව්‍ය ලබාගැනීමේදී කඳවුර තුළ තිබූ යම් බඳුනක් තුළ මෙම හිස් උණ්ඩ කොපු තිබූ බව.”

 

“ඒවා යම් මුදලකට අලෙවි කිරීමේ හැකියාව තිබෙන නිසා ඒවා ඔවුන් සුරක්ෂිතව තබා ගත්තා කියලත් පවසා තිබුණා.”

 

“ඒ අනුව මේ සම්බන්ධ විමර්ශන කටයුතු ක්‍රියාත්මක වෙනවා. සිද්ධිය තහවුරු වෙනකම් ලොරි රථයේ රියදුරාත් සහයකයාවත් අත්අඩංගුවට ගත්තා. පසුව අධිකරණය මගින් ඇප මත ඔවුන්ව නිදහස් කර තිබෙනවා.”

 

“පොලිස් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක කෙරෙනවා. මෙතෙක් කළ විමර්ශනවලදී අපරාධයක් කිරීමට හෝ වෙනත් කාරණයක් සම්බන්ධයෙන් කිසිම ආකාරයක අනාවරණයවීමක් නැහැ.”

Related posts

අලුතින් ආනයනය කරන වාහන මිල ගැන ඉඟියක්

Editor O

අගමැති තායිලන්තයේ සංචාරයක

Mohamed Dilsad

NMRA දත්ත මැකීම : සැකකාර සහකාර ඉංජිනේරුවරයා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment