දේශීය

2023 වසරේ මේ දක්වා මනුෂ්‍ය ඝාතන 255ක්

මෙම වසරේ මේ දක්වා කාලය තුළ මනුෂ්‍ය ඝාතන 255ක් වාර්තාවී ඇති බව පොලීසිය පවසයි.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, 2022 වසරේදී වාර්තා වූ මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව 559ක් බවය.

 

මේ අතර ගිය වසර තුළ වෙඩිතැබීමේ සිද්ධි 60කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මෙම වසරේ මේ දක්වා වාර්තාවී ඇති වෙඩිතැබීම් සංඛ්‍යාව 34ක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

 

මෙරට තුළ සිදුවන වෙඩිතැබීම් හා අපරාධ අවම කිරීම සඳහා ක්ෂේත්‍රයේ පොලිස් නිලධාරීන් යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පැවසීය.

Related posts

සොයිසාපුර වෙඩි තැබීමට සැකපිට කාන්තාවක අත්අඩංගුවට

Mohamed Dilsad

ශිෂ්‍යත්වය සහ උසස් පෙළ පවත්වන දිනයන්ගේ වෙනසක් නැහැ

Mohamed Dilsad

පාසල්වල අනෙකුත් පන්ති ආරම්භය ගැන නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment