දේශීය

මල්ලිගේ පහරදීමෙන් අයියා මරුට

බලංගොඩ සේනක පෙදෙස, බලගහමුල ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රියේ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් සිදු වූ පහරදීමක දී එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.

 

බීමතින් පැමිණි බාල සහෝදරයා විසින් වැඩිමහල් සහෝදරයාට සිදුකළ පහරදීමකදී එම ඝාතනය සිදු වී ඇති බව පොලීසිය පවසයි.

 

බීමතින් පැමිණි පුද්ගලයෙකු ඔහුගේ මව, පියා සහ වැඩිමහල් සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගනිමින් ඔවුන්ට පහරදෙන බවට 118 දුරකථන මධ්‍යස්ථානය මගින් බලංගොඩ පොලිස් ස්ථානය වෙත ලබාදුන් පණිවුඩයක් මත පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබේ.

 

බලංගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට ළඟා වනවිට බීමත් පුද්ගලයා ඔහුගේ වැඩිමහල් සහෝදරයාට පහරදී තිබූ බවත් තුවාලකරු බරපතළ තත්ත්වයේ සිටි බවත් පොලීසිය පවසයි.

 

පසුව පොලිස් නිලධාරීන් විසින් තුවාලකරුව බලංගොඩ රෝහලට ඇතුළත් කර ඇති නමුත් එහිදී ඔහු මියගොස් තිබේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි සේනක බලගහමුල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර බාල සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇත.

 

ඔහු පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වී තිබේ.

 

සැකකරු අද (19) බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ඉදිරියේදී ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යෑමේ අවධානමක්

Mohamed Dilsad

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ ඇතිවූ ගින්න පාලනය කරයි [PHOTOS]

Mohamed Dilsad

මැනිංමනින් වෙළඳ පොළ උණුසුම් වෙයි

Mohamed Dilsad

Leave a Comment