දේශීය

වැලිවිට සුද්දා සහ ආඳාදොළ රංගත් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු හා මහා පරිමාණ මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවෙකු වන මලලගේ සුදත් කිත්සිරි තුෂාර නොහොත් වැලිවිට සුද්දා හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

විශේෂ කාර්ය බළකා මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

 

ඒ අනුව ඊයේ (29) කඩුවෙල පොලිස් වසමේ, අංක 108/A, කොතලාවල, කඩුවෙල ලිපිනයේ දී වැටලීම සිදුකර තිබේ.

 

එම අවස්ථාවේ දී 46 හැවිරිදි වැලිවිට සුද්දා හෙරොයින් ග්‍රෑම් 13ක් සන්තකයේ තබාගෙන සිටිය දී අත්අඩංගුවට ගෙන ඇත.

 

මේ අතර, “කරන්දෙනියේ සුද්දා” යන අය සමඟ සමීප සම්බන්ධතා පවත්වන අයෙකු වන “ආඳාදොළ රංග” හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට ගෙන තිබේ.

 

විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ අම්බලන්ගොඩ පොලිස් වසමේ අංක 51, පන්සල පාර, ආඳාදොළ, වතුගෙදර යන ලිපිනයේ දී වැටලීම සිදුකර තිබුණි.

 

එහි දී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සොබනාහන්දි ජයලත් ද සිල්වා නොහොත් “කරන්දෙනියේ සුද්දා” යන අය සමඟ සමීප සම්බන්ධතා පවත්වන අයෙකු වන 33 හැවිරිදි තුප්පහි මුදලිගේ රමිත් නොහොත් “ආඳාදොළ රංග” හෙරොයින් ග්‍රෑම් 15ක් සන්තකයේ තබාගෙන සිටිය දී අත්අඩංගුවට පත්ව තිබේ.

Related posts

ස්වාධීන කණ්ඩායම් 86 ක් ඇප මුදල් තැන්පත් කරයි

Mohamed Dilsad

චූදිත නිලධාරීන් පොලීසියේ තනතුරුවලින් ඉවත් කරන ලෙස ඉල්ලා ගම්මන්පිළ පෙත්සමක් අත්සන් කරයි.

Editor O

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

Editor O

Leave a Comment