දේශීය

සනත් නිශාන්ත ට එරෙහිව චෝදනා ගොනුකෙරේ

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනුකර ඇති බව නීතිපතිවරයා අද (17) අභියාචනාධිකරණයට දන්වා සිටියේය.

 

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ නීතිඥවරුන් දෙදෙනෙකු වන ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර යන මහත්වරු ඉදිරිපත් කළ පැමිණිලි අභියාචනාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඉදිරියේ අද කැඳවනු ලැබීය.

 

එම අවස්ථාවේදී වගඋත්තරකාර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ද අධිකරණයේ පෙනී සිටියේය.

 

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණයට දන්වා සිටියේ අදාළ චෝදනා පත්‍රය සකස් කොට මෝසමක් මඟින් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවය.

 

ඊට අදාල සාක්ෂි ලැයිස්තුව හා වීඩියෝ දර්ශන ඉදිරිපත් කිරීම සඳහා කාලය ලබාදෙන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

 

ඒ අනුව කල් ලබාදුන් අධිකරණය පැමිණිල්ල නැවත පෙබරවාරි මස 23 වනදා කැඳවීමට ද නියම කළේය.

 

ඉකුත් අගෝස්තු මස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී සනත් නිශාන්ත මහතා දැක්වූ අදහස්වලින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇතැයි සඳහන් කරමින් මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.

 

 

Related posts

මෙරට අසාදිතයන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

දිනේෂ් චන්දිමාල් නේපාලයට

Mohamed Dilsad

හජ් උත්සවය සැමරීම අගෝස්තු 01 වනදා

Mohamed Dilsad

Leave a Comment