දේශීය

ගිං ගඟේ ගංවතුර තත්ත්වයක් ඇතිවිමේ අවදානමක්

(UTV | ගාල්ල) – ගිං ගඟේ ජල මට්ටම ඉහල ගොස් ඇති බැවින් නෙළුව, තවලම සහ කොටපොල යන ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවිමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්‍ෂ එස්.පී.සී. සුගීෂ්වර සඳහන් කළේ එම ප්‍රදේශවල පහත් බිම් ආශ්‍රිතව වෙසෙන ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බවයි.

ගිං ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් මේ වන විට ගඟ ප්‍රදේශ කිහිපයකින් පිටාර මට්ටමට පැමිණ ඇති බව සඳහන්.

මේ අතර නෙළුව ප්‍රදේශයේ පවුල් 12 ක පුද්ගලයින් මේ වනවිට සිය නිවෙස්වලින් ඉවත්ව ගොස් ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Related posts

හැඳුනුම්පතේ අලුත්ම වෙනස ළඟදීම

Mohamed Dilsad

ජපාන තේ වෙන්දේසියේදී ශ්‍රී ලංකා⁣ තේ සඳහා වාර්තාගත ඉහළ මිලක්

Editor O

දෙහිවල අපරාධ අංශයේ ස්ථානාධිපතිට අල්ලස් දීමට තැත්කළ අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment