දේශීය

හැඳුනුම්පතේ අලුත්ම වෙනස ළඟදීම

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා යුනික් ඩිජිටල් අයි.ඩී ලෙස හඳුන්වන නව ජාතික ඩිජිටල් හැඳුනුම්පතක් නිකුත් කිරීමට ඉදිරියේදී වයස අවුරුදු 15ට වැඩි මෙරට සියලු පුරවැසියන් යළි ලියාපදිංචි කිරීමට සැලසුම් කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

සාමාන්‍ය ජීවදත්තවලට අමතරව පුද්ගලයන්ගේ ඇඟිලි සලකුණු, රුධිර වර්ගය ඇතුළු ජීව විද්‍යාත්මක තොරතුරුද ඇතුළත් කරමින් එම ඩිජිටල් හැඳුනුම්පත සකස් කරන බව කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක ගල්කිස්ස ප්‍රදේශයේ දී ඊයේ(22) දින පැවති සමුළුවක් අමතමින් ප්‍රකාශ කළේ ය.

දිවයින පුරා පුද්ගලයන් මිලියන 17කට වසර එකහමාරක කාලයක් තුළ දී මෙම නව හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවත් ඉන්දීය ආධාරයක් මගින් මෙම ක්‍රමවේදය සකස් කෙරෙන බවත් ඊට අදාළ මෘදුකාංග පද්ධති නිර්මාණය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක වැඩිදුරටත් කියා සිටියේ ය.

Related posts

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවතට

Mohamed Dilsad

පොදු ප්‍රවාහන සේවය අත්‍යවශ්‍ය කරුණකට පමණක් භාවිත කරන්න

Mohamed Dilsad

ආපදාවෙන් විනාස වූ රට ගොඩනගන්න සහය දෙන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්⁣වරයාගෙන් ඉල්ලයි….

Editor O

Leave a Comment