දේශීය

උතුරු දුම්රිය මාර්ගයේ කොටසක් අද සිට මාස 5 කට වැසෙයි

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (05) සිට මාස පහක කාලයක් අනුරාධපුරය දක්වා පමණක් සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

 

ඒ අනුව එම මාර්ගයේ මහව සිට ඕමන්ත අතර දුම්රිය මාර්ගය නවීකරණය ආරම්භ කිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය කොළඹ සිට අනුරාධපුර දක්වා සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

 

යාපනය දක්වා ගමන් ගන්නා මගීන් සදහා අනුරාධපුර සිට බස් රථ මගින් යාපනය දක්වා ගමන් කිරීමට පහසුකම් සලසන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස්.ගුණසිංහ සඳහන් කළේ.

Related posts

පිරමීඩ් මුදල් ගනුදෙනු ගැන මහ බැංකුවෙන් අවවාදයක්

Mohamed Dilsad

දරුවන්ට දරාගත හැකි අධ්‍යාපනයක් දිය යුතුයි -අගමැති

Mohamed Dilsad

හිටපු රාජ්‍ය අමාත්‍ය රත්වත්තේ මහතා බන්ධනාගාර රෝහලට

Editor O

Leave a Comment