දේශීය

උතුරු දුම්රිය මාර්ගයේ කොටසක් අද සිට මාස 5 කට වැසෙයි

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (05) සිට මාස පහක කාලයක් අනුරාධපුරය දක්වා පමණක් සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

 

ඒ අනුව එම මාර්ගයේ මහව සිට ඕමන්ත අතර දුම්රිය මාර්ගය නවීකරණය ආරම්භ කිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය කොළඹ සිට අනුරාධපුර දක්වා සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

 

යාපනය දක්වා ගමන් ගන්නා මගීන් සදහා අනුරාධපුර සිට බස් රථ මගින් යාපනය දක්වා ගමන් කිරීමට පහසුකම් සලසන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස්.ගුණසිංහ සඳහන් කළේ.

Related posts

20 වන සංශෝධනයට අදාළ විවාදය ඔක්තෝම්බර් මස

Mohamed Dilsad

නව රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි

Mohamed Dilsad

රට ගොඩනැගීමට සහය දෙන ලෙස විපක්ෂ නායක සජිත් කළ ඉල්ලීම ට, යුරෝපා සංගමයේ තානාපතිනියගෙන් සාධනීය ප්‍රතිචාර

Editor O

Leave a Comment