දේශීය

සෞදි අරාබියේ ඉදිකිරීම් රැකියාවලට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථා රැසක්

(UTV | කොළඹ) – සෞදි අරාබියෙහි ආරම්භ කිරීමට සැළසුම් කර ඇති දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘතිවල වෘත්තීය රැකියා අවස්ථා ලබා ගැනීමේ අරමුණෙන් සුදුසුකම්ලත් ශ්‍රි ලාංකිකයින්ගේ තොරතුරු එක්රැස් කිරීමේ වැඩපිළිවෙලක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ආරම්භ කර තිබේ.

අදාළ ව්‍යාපෘතිවල ගෘහ නිර්මාණ ශිල්පීන් (Architects), ඉංජිනේරුවන් (Engineers) සහ ප්‍රමාණ සමීක්‍ෂකයින් (Quantity Surveyors) සඳහා රැකියා ඇබෑර්තු රාශියක් ඇතිවිය හැකි බැවින්, එම අවස්ථා ශ්‍රී ලාංකික වෘත්තිකයන්ට ලබා ගැනීම සඳහා සෞදි අරාබියේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සෞදි ආරාබියේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිතය.

ඒ අනුව, ගෘහ නිර්මාණ ශිල්පීන් (Architects), ඉංජිනේරුවන් (Engineers) සහ ප්‍රමාණ සමීක්‍ෂකයින් (Quantity Surveyors) යන රැකියා සඳහා උනන්දුවක් දක්වන සුදුසුකම් ලත් ශ්‍රී ලාංකිකයින්හට 2022.11.05 දිනයට පෙර www.slbfe.lk යන කාර්යාංශයේ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධ කර ඇති Identification of qualified professionals for construction sector in K.S.A යන වෙබ් ද්වාරය (web portal) ඔස්සේ ඔවුන්ගේ තොරතුරු සහ ජීව දත්ත පත්‍රිකා ඉදිරිපත් කර කාර්යාංශයේ දත්ත බැංකුවේ ලියාපදිංචි වීමට අවස්ථාව සලසා ඇත.

මෙම රැකියා සඳහා ලියාපදිංචිවීම හා වැඩි විස්තර, කාර්යාංශයේ 24 පැය තොරතුරු මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1989 ඇමතීම මගින් ලබාගත හැකිය.

Related posts

වන ජීවී නිලධාරීන් හෙට විරෝධතාවයක

Mohamed Dilsad

නව වසරේ පළමු වෙඩිල්ල නවගමුවෙන්….

Editor O

මෙරට PCR පරීක්ෂණ 140,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment