දේශීය

හෙට ප්‍රදේශ කිහිපයක සුරාසැල් වසා දැමීමට තීරණයක්

(UTV | කොළඹ) – දීපවාලී දිනය නිමිත්තෙන් හෙට (24) නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු සුරාසැල් වසාතැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ද මහියංගනය සහ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හැර අනෙකුත් ප්‍රදේශවල සියලු සුරාසැල් වසාතැබෙන බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේය.

එම ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.මේ අතර, දීපවාලී දිනය නිමිත්තෙන් හෙට දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොකරන බව ද මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.

Related posts

ආයුර්වේද ප්‍රතිකාර කිරීමට අවශ්‍ය රාජ්‍ය මැදිහත්වී ලබාදෙන ලෙසට ඉල්ලීමක්

Mohamed Dilsad

අත්‍යාවශ්‍ය සේවා අඛන්ඩව පවත්වාගෙන යාමට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය

Mohamed Dilsad

රටවල් කිහිපයකින් මෙරටට එන ගුවන් ගමන් අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment