Trending Newsඑසැන පුවත්දේශීය

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ විහාරස්ථානයේ ගැටළුව ගැන, අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ස්වාමීන් වහන්සේගෙන්, ජනාධිපති ට ලිපියක්

ත්‍රිකුණාමලය කොටුව පාර ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධව ඇති වී ඇති අර්බුදය පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති උත්තරීතර මහානායක හිමියන් විසින් ජනාධිපති අනුර දිසානායක වෙත ලිපියක් යොමු කර ඇත. 

එම සම්පූර්ණ ලිපිය මෙසේය.

ත්‍රිකුණාමලය කොටුව පාර ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධව ඇති වී ඇති අර්බුදය පිළිබඳවයි.

යථෝක්ත විහාරස්ථානය වර්ෂ 1951 සිට පවත්වා ගෙන එන ලබන විහාරස්ථානයකි. එය බෞ.කො. /විහාදේ/ 15/15/009 යටතේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මූලවංශික පාර්ශ්වයේ ලියාපදිංචි කරන ලද විහාරස්ථානයකි. 2014 වර්ෂයේ දී මෙම විහාරස්ථානය පිහිටි ඉඩමට එවක ජනාධිපතිතුමන් විසින් දීමනා පත්‍රයක් මඟින් හිමිකම් තහවුරු කර ඇත.

කරුණු එසේ තිබියදීත්, ඒ හිමිකම් දීමනා ප්‍රදානයන් හා රජයේ ලියාපදිංචිව ඇති මෙම විහාරස්ථානයට හා භික්ෂුන් වහන්සේලාට එල්ලවී ඇති තර්ජන අභියෝග මහා සංඝරත්නයේ සේම බෞද්ධ ජනතාවගේ ද සිත් තැවුලට හේතු වී ඇත. විශේෂයෙන්ම 2025.11.16 දින සිදු වූ සිද්ධීන් පිළිකුලෙන් යුතුව තරයේ හෙලා දකිමි. විහාර භූමියේ බුදු පිළිම ඉවත් කිරීමට හා භික්ෂූන් වහන්සේලා ට පහරදීමට පොලිසිය කටයුතු කළේ කවරෙකුගේ වුවමනාවන් වෙනුවෙන් දැයි ප්‍රශ්න සහගතය. එම පහර දීම හේතුවෙන් විහාරාධිපති හිමියන්ට රොහල් ගතවෙන්න සිදු වී ඇත. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තිය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. පොලිසියේ එම අනීතික හැසිරීම තරයේ හෙළා දකිමි.

03 මේ පිළිබඳ ඔබතුමාගේ කඩිනම් අවධානය යොමු කොට දැනට කඩා ඉවත් කිරීමට යොජනා කර ඇති ගොඩනැගිල්ල ඉවත් නොකරන ලෙසත් විහාර භූමියේ, විහාරස්ථානයේ හා භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂාව වෙනුවෙන් අදාළ අංශ දැනුවත් කර කඩිනම් පියවර ගන්නා ලෙසත් දන්වා සිටිමි.

Related posts

தேசிய மெய்வல்லுனர் போட்டி; பாசில் உடையாருக்கு பதக்கம்

Mohamed Dilsad

தென் மாகாண சபை உறுப்பினர் கைது

Mohamed Dilsad

ரஷ்யாவிற்கான தேயிலை ஏற்றுமதி மீண்டும் ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment