දේශීය

“22 සම්මත වීම රජයට අභියෝගයක්”

(UTV | කොළඹ) – 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම රජයට අභියෝගයක් බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.

අත්තනායක මහතා මේ බව සඳහන් කළේ, සමගි ජන බලවේගය දිවයින පුරා ක්‍රියාත්මක කරන සදහම් යාත්‍රා වැඩසටහනට අද (23) දින නාවලපිටිය ආසනයේ ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ක්‍රියාවට නංවමින් මාධ්‍යට අදහස් දක්වමිනි.

පාර්ලිමේන්තුවක් විසුරුවා හැරිමේ බලය වසර 2 ½ කිරීම, ද්විත්ව පුරවැසිභාවය අහෝසි කිරිම, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම යන ප්‍රධාන හේතු තුනක් නිසා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනයට සමගි ජන බලවේගය සහය දැක්වූ බව ඔහු ප්‍රකාශ කළේ ය.

තව ද සමගි ජන බලවේගයේ ද්විත්ව පුරවැසිභාවය ඇති මන්ත්‍රීවරුන් නොමැති බව ත් පාර්ලිමේන්තුව තුළ ද්විත්ව පුරවැසිභාවය ඇති මන්ත්‍රීවරුන් සිටී නම් ඔහු නිත්‍යනුකූලව ඉවත් කිරිමට පියවර ගත යුතු බව ද තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පැවසිය.

අත්තනායක මහතා වැඩිදුරට ත් ප්‍රකාශ කළේ, විදේශ විනිමය සොයා ගැනීම සඳහා මෙරට තුළ කංසා වගාව නීතිගත කිරීමට යාම මෙරට සංස්කෘතියට කිසිසේත් ගැළපෙන්නේ නැති බව ත්, කංසා වගාව නීතිගත කර මෙරට ආර්ථික ශක්තිමත් කිරිමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය එකඟ නොවන බව ත් ය.

සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා මෙම සදහම් යාත්‍රා වැඩසටහන සංවිධානය කර තිබිණි.

Related posts

රටේ ජනගහනය ගැන අලුත්ම විස්තර මෙන්න

Editor O

විදේශ ගමන් බලපත්‍ර ගන්න ඉන්න අයට විශේෂ පණිවිඩයක්

Mohamed Dilsad

‘හතේ අපේ පොත’ සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් මසක් ඇතුළත

Mohamed Dilsad

Leave a Comment