දේශීය

හෙට ප්‍රදේශ කිහිපයක සුරාසැල් වසා දැමීමට තීරණයක්

(UTV | කොළඹ) – දීපවාලී දිනය නිමිත්තෙන් හෙට (24) නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු සුරාසැල් වසාතැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ද මහියංගනය සහ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හැර අනෙකුත් ප්‍රදේශවල සියලු සුරාසැල් වසාතැබෙන බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේය.

එම ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.මේ අතර, දීපවාලී දිනය නිමිත්තෙන් හෙට දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොකරන බව ද මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.

Related posts

කොටවෙහෙර සිද්ධියට අදාළ පොලිස් නිලධාරිනියන් 2 කගේ වැඩ තහනම්

Mohamed Dilsad

බැඳුම්කර නඩුවකට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සරය අදයි

Mohamed Dilsad

Leave a Comment