Trending Newsඑසැන පුවත්දේශීය

රටේ ජනගහනය ගැන අලුත්ම විස්තර මෙන්න

මෙරට ජනගහන වර්ධන වේගය අඩු වුවද තවදුරටත් ජනගහන වර්ධනය වෙමින් පවතින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ 2012 වසරේ සිදුකළ සංගනනයට සාපේක්ෂව 2024 වසරේදී සිදුකළ සංගණනය අනුව මෙරට ජනගහනය 1,403,731කින් ඉහළ ගොස් ඇති බවය. ඒ අනුව 2024 වසරේදී සිදුකළ සංගණනයේදී මෙරට ජනගහනය 21,763,170ක් බවට වාර්තා වී තිබේ.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ පළාත් අනුව ගත් විට මෙරට මුළු ජනගහනයෙන් 28.1%ක වැඩිම ජනගහනයක් බස්නාහිර පළාතේ පදිංචිව සිටින අතර 5.3ක් වූ අඩුම ජනගහනය පදිංචිව ඇත්තේ උතුරු පළාතේය. දිස්ත්‍රික්ක මට්ටමින් ජනගහන ව්‍යාප්තිය සැලකූ විට වැඩිම ජනගහනයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එය 2,433,685කි.

දෙවැනි තැනට කොළඹ දිස්ත්‍රික්කය වාර්තා වී ඇති අතර එය 2,374,461ක් ලෙසද වාර්තා වී තිබේ. මේ අනුව මිලියන 02කට වැඩි ජනගහනයක් පදිංචිව ඇත්තේ මෙම දිස්ත්‍රික්ක දෙක තුළ පමණක් බවද ජාතික ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

මෙම දිස්ත්‍රික්ක දෙකට හැරුණු විට පෙර සංගණනවලදී මෙන්ම මෙවරද වැඩි ජනගහනයන් පිළිවෙළින් කුරුණෑගල 1,760,829, මහනුවර 1,461,269, කළුතර 1,305,552, රත්නපුර 1,145,138 සහ ගාල්ල 1,096,585 යන දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.

එමෙන්ම දිවයිනේ ජනගහනය අඩු දිස්ත්‍රික්ක ලෙස පෙර සංගණනයන්වලට අනුවම උතුරු පළාතේ මුලතිව් 122,542, මන්නාරම 123,674, කිළිනොච්චි 136,434 සහ වවුනියා දිස්ත්‍රික්කයේ 172,257ක් ලෙසද වාර්තා වී ඇත. මේ අතර වැඩිම සාමාන්‍ය වර්ධන වේගයක් වාර්තා වී ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයෙන් වන අතර එය 2.23ක් ලෙසද සටහන් වී තිබේ.

අවම සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයක් වාර්තා වී ඇත්තේ වවුනියා දිස්ත්‍රික්කයෙන් වන අතර එය 0.001ක් ලෙසද වාර්තා වී ඇත. එමෙන්ම පෙර සංගණවලදී මෙන්ම මෙවරද වර්ග කිලෝමීටරයකට පුද්ගලයින් 3,549ක් වූ වැඩිම ජනගහන ඝනත්වයක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර අවම ජනගහන ඝනත්වයක් වාර්තා වී ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයෙනි. එය වාර්තා වී ඇත්තේ ජනගහන ඝනත්වය වර්ග කිලෝමීටරයකට පුද්ගලයින් 50ක් ලෙසය.

Related posts

Smith offers “Jay and Silent Bob Reboot” update

Mohamed Dilsad

ගෑස් මිල ඉහළට

Mohamed Dilsad

27-year-old Nigerian arrested over visa violations

Mohamed Dilsad

Leave a Comment