දේශීය

ගිරාදුරුකෝට්ටේදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටෙයි

(UTV |අනුරාධපුරය) – ගිරාදුරුකෝට්ටේ , බතලයාය ජල ටැංකිය අසලදී  ටිපර් රථයක් සහ බස්  රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් 8 දෙනෙක් තුවාල ලබයි.

මෙම තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සදහා මහියංගණ මුලික රෝහලට ඇතුලත් කර ඇත.

ටිපර් රථය දකුණට හැර වීමත් සමග අධික වේගයෙන් ඊට පිටුපසින් ධාවනය වු මගී බස් රථය වේගය පාලනය කරගත නොහැකි වීම නිසා ටිපර් රථයේ ගැටී වාහන දෙකම ඉදිරියට ඇදී ගොස් මාවත අසල තිබූ බස්මගී ආවරණද කඩා බිද ගෙන ඉදිරියට ඇදිගොස් නැවතී තිබේ.

රෝහලට ඇතුලත්කල අය අතර ටිපර් රථයේ රියැදුරු හා බස්රථයේ කොන්දොස්තරවරයාද වන බව  පොලිසිය පවසයි.

Related posts

උදය ගම්මන්පිල ඉදිරිපත් කළ පෙත්සම ට, අභියාචනාධිකරණයෙන් නියෝගයක්

Editor O

ලෝක වෙළඳපොළ තුළ බොර තෙල් මිල පහළට

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

Mohamed Dilsad

Leave a Comment