දේශීය

ලෝක වෙළඳපොළ තුළ බොර තෙල් මිල පහළට

(UTV | කොළඹ) – සතියකට පමණ පසුව ලෝක වෙළඳපොළ තුළ බොර තෙල් බැරලයක මිල ඩොලර් 100ට වඩා පහළ අගයක් වාර්තා වී තිබේ.

චීනය තුළ කොවිඩ් ව්‍යාප්තවීමත් සමග එය පාලනය කිරීමට චීනය අගුලු දැමීම් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් තෙල් සඳහා ඇති ඉල්ලුම අඩුවීම හේතුවෙන් මෙසේ තෙල් මිල පහළ ගොස් තිබේ.

ලෝකයේ වැඩිම තෙල් ආනයනය කරන රට වන්නේ චීනයයි. පසුගිය සතියේදී ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් බැරලයක මිල ඩොලර් 130ක් දක්වා ඉහළ ගියේය.

අඟරුවාදා දිනයේදී බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 99.91 දක්වා සියයට 7.4 කින් පහත වැටුණු අතර එය පෙබරවාරි අග සිට එහි අඩුම මිලයි.

එක්සත් ජනපදයේ බටහිර ටෙක්සාස් අතරමැදි බොර තෙල් බැරලයක් ඩොලර් 96.44 ක් ලෙස සියයට 6.4 කින් පහත වැටුනි. මේ අනුව පසුගිය සතිය පුරා බොරතෙල් මිල සියයට 20 ට වඩා පහත වැටී තිබේ.

Related posts

සිංහල අලුත් අවුරුද්දට සුරසැල් වසා තබන දින මෙන්න

Editor O

අර්ජුණ ගම්පහ එජාප නායකත්වයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

පස්සර මාරක බස් අනතුරේදී පළා ගිය ටිපර් රථ රියැදුරු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment