දේශීය

දොස්තර විශ්‍රාම වයස වසරකින් දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – විශ්‍රාම වයස සම්පූර්ණ කළ වෛද්‍යවරුන්ගේ සේවා කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට අදාළව කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

මේ වන විට වයස අවුරුදු 63 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් පමණක් දෙසැම්බර් 31 වන දායින් විශ්‍රාම ගන්වන බව ද ඔහු කීය.

වයස අවුරුදු 62 සම්පූර්ණ කර ඇති අයගේ සේවා කාලය තවත් වසරකින් දීර්ඝ කෙරෙන බව ත් ඔවුන් වයස අවුරුදු 63දී අනිවාර්යෙන් ම විශ්‍රාම ගැන්වීම සිදු කෙරෙන බව ත් හෙතෙම සඳහන් කළේ ය.

එමෙන් ම මේ වනවිට වයස අවුරුදු 61 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරු අවුරුදු 62දීත්, වයස අවුරුදු 60 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරු අවුරුදු 61දීත්, වයස අවුරුදු 59 සම්පූර්ණ වූ අය අවුරුදු 60 සම්පූර්ණ වන විටත් ආදී ලෙස තවත් වසරකින් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව සංශෝධනය කළ බව ද ඇමතිවරයා අවධාරණය කළේ ය.

එම සේවා දිගු කිරීම් වසරකින් අවසන් වන අතර ඉන්පසුව රජය තීරණය කළ අයුරින් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමා ක්‍රියාවට නැංවෙන බවත් ඔහු පැවසීය. වෛද්‍යවරුන් වයස අවුරුදු 60න් විශ්‍රාම ගැන්වීමේ තීරණයත් සමග සෞඛ්‍ය සේවයේ මතුවිය හැකි ගැටලු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ ඇමැති අනුකමිටුවේ වාර්තාවට අනුව මේ සංශෝධන සිදු කළ බව කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ඊයේ (18) පැවති මාධ්‍ය හමුවේදී ඇමතිවරයා පැවසීය.

Related posts

මෙරට තවත් PCR පරීක්ෂණ 1300 ක්

Mohamed Dilsad

ඔන්ඩැන්සෙට්‍රෝන් වැඩිදුර පරීක්ෂණයට විශේෂඥ කමිටුවක්; පරීක්ෂණ වියදම ගෙවීමට ඉන්දීය සමාගම සූදානම්..!

Editor O

කෝටි 10ක වන්දිය ගෙවන්න මට කොහෙත්ම ආර්ථිකයක් නෑ -මෛත්‍රී

Mohamed Dilsad

Leave a Comment