ගොසිප්

Xpress Pearl අබලි නෞකාව ගොඩගැනීමට ලංකාවට එන චීන නැව

(UTV | කොළඹ) – මෙරට මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශ වී ගිලී ගිය එක්ස්ප්‍රස් පර්ල් අබලි නෞකාව ගොඩගැනීම සඳහා චීන නෞකාවක් අද(19) හෝ හෙට(20) මෙරට සාගර කලාපයට පැමිණීමට නියමිත බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එහි සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවේ, එම නෞකාව මාස කිහිපයක් මෙරට සාගර කලාපය තුළ සිටිමින් නෞකාව ඉවත් කර ගැනීමේ කටයුතු සිදුකරනු ඇති බවය.

මේ අතර නෞකාව ගිනි ගැනීමෙන් පසුව විසිරුණු අබලි ද්‍රව්‍ය ආදි වූ සියල්ල මෙට්‍රික් ටොන් 1,700 කට අධික ප්‍රමාණයක් එකතුකර මීගමුව පමුණුගම ප්‍රදේශය ආශ්‍රිත අපද්‍රව්‍ය ගබඩා කරනු ලබන අංගනයක ගබඩා කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් එම අපද්‍රව්‍ය වෙන්කර දෙපාර්ශවයම එකඟවන රසායනාගාර තුළ ඒවා පරීක්ෂා කර ඉන් පසුව බැහැර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවාය.

Related posts

යුරේනි නොෂිකාගේ, අලුත්ම ඡායාරූප එකතුව

Mohamed Dilsad

මාලිංග ඉදිරියේදී අලුත් මුහුණුවරකින් ක්‍රිකට් ක්‍රීඩාවට [VIDEO]

Mohamed Dilsad

තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයා සහ වෛද්‍යවරිය ගැන තේරීම් කමිටුවේ සභාපති කියූ දේ

Mohamed Dilsad

Leave a Comment