දේශීය

ලංකාවට මූල්‍යාධාර දෙන්න IMF කරන අලුත් ම වැඩේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට මූල්‍යාධාර ලබා දීම සම්බන්ධයෙන් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි බහුපාර්ශ්වික සංවිධාන සමග කටයුතු කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එහි ආසියානු පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, ඈන් මාරි ගයිඩ්-වුල්ෆ් වොෂින්ටනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ බව සඳහන් කර ඇත.

අදාළ වැඩසටහන් ශ්‍රී ලංකාවේ මූල්‍ය පරතරය පියවා ගැනීමට උපකාරී වනු ඇතැයි සඳහන් කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය වැඩි දුරටත් සඳහන් කර ඇත්තේම, ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික වර්ධන ගැටලු විසඳීම සඳහා අනෙකුත් බහුපාර්ශ්වික ණය දෙන්නන් යටතේ ඇති ප්‍රතිපත්ති, ඔවුන්ගේ විශේෂඥතාවන් වැදගත් වනු ඇති බව ය.

Related posts

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ යූටියුබ් පැමිණිලි නැහැ

Mohamed Dilsad

හෙට සහ අනිද්දා සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතයි

Mohamed Dilsad

අරගලකරුවන් ඉවත්කිරීම ගැන පාර්ලිමේන්තුවේ දී විවාදයක්

Mohamed Dilsad

Leave a Comment