දේශීයප්‍රමුඛ පුවත 2

ලෝක සාගිනි දර්ශකයේදී ශ්‍රී ලංකාවට 64වැනි තැන

(UTV | කොළඹ) – ගෝලීය සාගිනි දර්ශකයට අනුව රටවල් 121 ක් අතරින් ශ්‍රී ලංකාවට 64 වැනි ස්ථානයට පත්ව ඇත. ශ්‍රී ලංකාවට ලකුණු 13.6 ක් හිමිව ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ සාගින්න මට්ටම මධ්‍යස්ථ මට්ටමක පවතින බව සැලකෙයි.

2021 දී ශ්‍රී ලංකාව රටවල් 116 කින් 65 වැනි ස්ථානයට පත් වූ අතර 2020 දී 64 වැනි ස්ථානයට පත්විය. Global Hunger Index (GHI) යනු ගෝලීය, කලාපීය සහ ජාතික මට්ටමින් සාගින්න මැන බැලීම සඳහා සලකා බලන මෙවලමකි.

දකුණු ආසියානු රටවල්ආ අතරින් ඉන්දියාව 107 වැනි ස්ථානයේ පසුවන අතර පාකිස්තානය (99), බංග්ලාදේශය (84), නේපාලය (81) සහ ඇෆ්ගනිස්තානය 109 වැනි ස්ථාන හිමිකරගෙන ඇත.

2022 GHI ට අනුව, මධ්‍යම අප්‍රිකානු ජනරජය, චැඩ්, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, මැඩගස්කරය සහ යේමනය යන රටවල් 5ක සාගින්න භයානක මට්ටමක පවතින අතර, අමතර රටවල් 4ක – බුරුන්ඩි, සෝමාලියාව, දකුණු සුඩානය සහ සිරියාව තාවකාලිකව භයානක තත්ත්වයට පත්ව තිබේ.

දේශගුණික අර්බුදය සහ යුක්රේනයේ යුද්ධයෙන් සංකලිත වූ COVID-19 වසංගතයේ ආර්ථික ප්‍රතිවිපාක සමඟ කුසගින්න නිමා කිරීමේ ප්‍රයත්නයන්හිදී ලෝකය බරපතල පසුබෑමකට මුහුණ දී සිටින බව GHI පවසයි.

Related posts

SSP රොමේෂ් ලියනගේගේ වැඩ තහනම්

Mohamed Dilsad

පොලී අනුපාත වෙනස් නොකිරීමට මහ බැංකුව තීරණය කරයි

Mohamed Dilsad

ඇය ආදරය කළ ජපානය ඇයගේ ජීවිතය නැති කළා – සඳමාලිගේ සහෝදරිය

Mohamed Dilsad

Leave a Comment