දේශීය

හෙට සහ අනිද්දා සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතයි

(UTV | කොළඹ) – සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට(24) හා අනිද්දා(25) විවෘත කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි .

ඒ, ගොවි ජනතාවට තමන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහායි.

අමාත්‍යවරයා සඳහන් කළේ, එම කෘෂි නිෂ්පාදන ප්‍රදේශීය ලේකම්වරු හරහා ජනතාව වෙත බෙදා හැරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන බවය.

තම නිෂ්පාදන විකුණා ගැනීමට නොහැකි වනු ඇතැයි යන අනියත බියක් ගොවීන්ට ඇති කර නොගන්නා ලෙස ද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

Related posts

දකුණු පළාත් රෝහල්වල කණිෂ්ඨ කාර්යය මණ්ඩලය වැඩ වර්ජනයක

Mohamed Dilsad

ඉන්දීය විදේශ ඇමති අද ජනපති – අගමැති හමුවෙයි

Mohamed Dilsad

ස්වාධීන රූපවාහිනිය ඇතුළු ආයතන 04ක ⁣ට සභාපතිවරු පත් කරයි

Editor O

Leave a Comment