Trending Newsඑසැන පුවත්දේශීය

රජයේ ඉඩම්වල ඇති වනාන්තර රක්ෂිත කිරීමට පියවර

රජයේ ඉඩම්වල ඇති වනාන්තර රැසක් රක්ෂිත ලෙස නම් කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සඳහන් කළේ, සෑම දිස්ත්‍රික්කයකම එවැනි වනාන්තර ඇති බවට හදුනාගෙන ඇති බවයි.

හෙක්ටෙයාර් 5 හා ඊට වැඩි විශාලත්වයෙන් යුත් භූමි ප්‍රදේශවල එම වනාන්තර පවතින බවද ඔහු ප්‍රකාශ කළා. මෙහිදි කඳු මුදුන්වල ඇති වනානන්තර රක්ෂිත ලෙස නම් කිරිම කෙරෙහි විශේෂ අවධානය යොමු කරනු ඇති. පළමු අදියරේදී එවැනි වනාන්තර 20ක් රක්ෂිත ලෙස නම් කිරිමට සැලසුම් කර තිබේ.

වනස්පති ලෙස නම් කර ඇති එම වැඩසටහන යටතේ මොනරාගල, අම්පාර ඇතුළු දිස්ත්‍රික් කිහිපයක පිහිටි වනගත ප්‍රදේශ පළමු අදියර සඳහා තෝරාගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ අදාළ වනාන්තර ප්‍රදේශවල සුරක්ෂිත බව තහවුරු කර මෙරට වනවැස්ම පුළුල් කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණ බවයි.

Related posts

සුනාමියට වසර 16යි. විනාඩියක නිශ්ශබ්දතාවයක් රකින්න

Mohamed Dilsad

Court to hear Arjuna’s defamation cases

Mohamed Dilsad

Update:15 arrested; 11 students of 3 leading schools in Colombo hospitalized following 2 clashes

Mohamed Dilsad

Leave a Comment