Trending News

චීන සිනොෆාම් එන්නතෙහි සාර්ථකභාවය පිළිබඳ ශ්‍රීලංකා විද්වතුන්ගෙන් හෙළිදරව්වක් [වීඩියෝ]

(UTV | කොළඹ) – සිනොෆාම් එන්නත 95% ක සාර්ථකභාවයක් ඇති බවට චීනය විසින් මෑතකදී ප්‍රවර්ධනය කරනු ලැබූ අධ්‍යයනයන් සහ මතයන් අභියෝගයට ලක්කරමින් චීන එන්නතේ සාර්ථකභාවය හුදෙක් මාස තුනක් වැනි කාලයක් දක්වා පමණක් සඵලභාවයක් සහිත බවට චීන එන්නත්වල සාර්ථකභාවය පිළිබඳ සත්‍යය පර්යේෂණාත්මකව විද්‍යාඥයින් මෙන්ම විද්වතුන් විසින් හෙළිදරව් කර තිබේ. එයින් පෙන්නුම් කෙරෙන්නේ එන්නත හැකි තාක් දුරට විකිණීමට අදහස් කරමින් චීනය විසින් ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයේ දත්ත සහ කරුණු ව්‍යාජ ලෙස හසුරුවා ඇති බවක් පෙන්නුම් කරන බවට නොයෙකුත් ජාත්‍යන්තර මාධ්‍ය අඛණ්ඩව කරුණු වාර්තා කර තිබේ. මේ අතරතුර, කොවිඩ් -19 වෛරස් වසංගතයේ සියලුම ප්‍රභේදයන්ට එරෙහිව සාර්ථක බව සනාථ කර ඇති එන්නත එක්සත් ජනපදය අඛණ්ඩව පරිත්‍යාග කරමින් සිටී.

ශ්‍රී ලාංකික ජනතාවට විවිධ එන්නත් ලබා දුන් බවත් එයින් වැඩි ප්‍රමාණයක් සිනොෆාර්ම් එන්නත බවත්, නමුත් එහි සාර්ථකභාවය පිළිබඳව සිදු කළ විද්‍යාත්මක අධ්‍යයනයන් සදාචාර විරෝධී බවත්, ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඩොලර් 5 කට ලබා ගත හැකි තත්ත්වයක් තිබියදී, සිනොෆාර්ම් එන්නතේ එක් මාත්‍රාවක් ඩොලර් 15 කට මිලදී ගැනීම විවාදාත්මක මෙන්ම මතභේදයට තුඩු දෙන කරුණක් බවට හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සහ වත්මනයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන සහ තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) හිටපු සභාපති ආචාර්ය එරාන් වික්‍රමරත්න මහතා මේ බවට ප්‍රකාශ කළේය.

මූලාශ්‍රය: A24 ප්‍රවෘත්ති ඒජන්සිය

Related posts

புதிய இராணுவ பேச்சாளராக பிரிகேடியர் சந்தன நியமனம்

Mohamed Dilsad

Sri Lanka reiterates commitment to strengthen equity and social justice

Mohamed Dilsad

පළාත් පාලන ආයතන සභිකයින්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කරයි.

Editor O

Leave a Comment