දේශීය

75 වන නිදහස සමරා දුප්පතුන්ට නිවාස 2000ක්

(UTV | කොළඹ) – අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 2,000ක් එළඹෙන 75 වන නිදහස් දිනය නිමිත්තෙන් ඉදිකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අගනගරයේ පමණක් නොව අර්ධ නාගරික ප්‍රදේශවල ද මෙම නිවාස ඉදි කරන බව ජනාධිපතිවරයා කීය.

ග්‍රාමීය මෙන්ම නාගරිකව වාසය කරන අඩු ආදායම් ලාභී පවුල්වල නිවාස අවශ්‍යතාව කාර්යක්ෂම සහ මානුෂීය මුහුණු වරකින් විසඳීම රජයේ ඉලක්කය බව කී ජනාධිපතිවරයා එම නිවාස බෙදා දීමෙිදී පුද්ගල ප්‍රතිරූප පසෙක තබා “සුදුස්සාටම අයිතිවන” ක්‍රමවේදයක් ක්‍රියාත්මක වනු ඇතැයි ද සඳහන් කළේය.

හෙට දිනට යෙදෙන 36 වන ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් ප්‍රකාශයක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

Related posts

කඩවත වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

Mohamed Dilsad

බදුල්ල ප්‍රධාන මාර්ගයේ නාය යෑමක්

Mohamed Dilsad

චීන ආරක්ෂක ඇමැතිගේ ආරක්ෂාවට බාධාකළ පුද්ගලයා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment