Trending Newsඑසැන පුවත්දේශීය

මාස පහකින් කරන්න බැරි දේ ගැන මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාලගෙන් ප්‍රකාශයක්

දේශපාලන සහ සම්බන්ධකම් මත කාලයක් තිස්සේ ගොඩනැගුණු පාතල ක්‍රියාකාරකම් මාස පහක් වැනි කෙටි කාලයකදී සම්පූර්ණයෙන් පාලනය කළ නොහැකි වුවත් මහජනතාවට බියෙන් හා සැකයෙන් තොරව ජීවත් වීමට අවශ්‍යය පසුබිම කඩිනමින් සකස් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

නීත්‍යානුකූල නොවන ලෙස හමුදා සේවය හැර ගිය ඇතැම් පිරිස් පාතාල ක්‍රියාකාරකම් වල යෙදී සිටින බව තහවුරු වීමෙන් පසු හමුදාවෙන් පළා ගොස් සිටි 1700ක පමණ පිරිසක් පසුගිය මාස දෙකේ දී අත්අඩංගුවට ගත් බවද ඒ මහතා කීය. මල්වතු අස්ගිරි මහා නායක හිමිවරු දෙනාම බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙසේද පැවසුවේය.

සමාජයේ තිබූ නීති විරෝධී අවි ආයුධ දහසකට අධික ප්‍රමාණයක් පසු ගිය මාස දෙක තුළ නීතියේ රැහැනට ගත්තා. පාතාල කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගත්තා. ත්‍රිවිධ හමුදාවේ සේවය කර නීත්‍යානුකූල නොවන අයුරින් ඉවත්ව ගිය පුද්ගලයින් පාතාල ක්‍රියාකාරකම් වලට යොදා ගැනීමේ සිදුවීම් පසුගිය කාලය තුළ වාර්තා වුණා. නීත්‍යානුකූල නොවන ලෙස හමුදා සේවය හැරගිය 1700 ක පමණ පිරිසක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකායේ පුහුණුව අවසන් කළ 500 දෙනෙකු හෙට දිනයේ විසිර යනවා. මේ අය පාතාල ක්‍රියාකාරකම් මර්දනයට යොදවන්න සැළසුම් කර තිබෙනවා. විදේශ රටවල සැඟවී සිටි පාතාල ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුම ජත්‍යන්තර පොලීසියේ සහය ඇතිව යළි රටට ගෙන්වා ගත්තා. මීට අමතරව අපට අවශ්‍යය සිටින පුද්ගලයින් කිහිප දෙනෙකුටම එරෙහිව රතු වරෙන්තු නිකුත් කර තිබෙනවා.

පාතල ක්‍රියාකාරකම් හා තැන තැන සිදුවන වෙඩි තැබීම් දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ සිදු වුණා. අපි ඒ සිදුවීම් ලගු කොට සලකන්නේ නැහැ. දීර්ඝ කාලයක් මේ පාතාල ක්‍රියාකාරම් හා මත්ද්‍රව්‍ය ජාවාරම ඒකාබද්ධව මේ සමාජය තුළ ස්ථාපිත කරන්න ඇතැම් දේශපාලනඥයින්ගේ දායකත්වය ලැබී තිබෙන බව රහසක් නොවේ. කාලයක් තිස්සේ සමාජයේ ස්ථාපිත වූ එම ක්‍රමය සමහර දේශපාලන කණ්ඩායම් බලයට එන්න යොදා ගත්තා. මේ සමස්ත ක්‍රියාදාමය මාස හතරක් පහක් තුළ අවසන් කරන්න බැහැ. නමුත් මේක ස්ථිර ලෙසම පාලනය කරනවා. මහජනතාවට බියෙන් හා සැකයෙන් තොරව ජිවත් වෙන්න අවශ්‍යය වටපිටාව සකස් කරන්න ඕන. ඒ වෙනුවෙන් ක්‍රියා මාර්ග ගන්නවා. පාතාලය හා මත්ද්‍රව්‍ය පාලනය කිරීම අත්‍යවශ්‍යය කාරනයක්. ඒ ගැන දැඩි අවධානය යොමු කරනවා. ඒ සඳහා සැළසුමක් සකස් කර තිබෙනවා.

Related posts

Two more arrestees linked to Madush deported from Dubai

Mohamed Dilsad

Namal Kumara arrives at Presidential Secretariat

Mohamed Dilsad

CBK to sign MOU with UNF tomorrow

Mohamed Dilsad

Leave a Comment