දේශීය

“මවුපියන්ට අනවශ්‍ය බර එපා” – අධ්‍යාපන අමාත්‍යාංශය

(UTV | කොළඹ) – අධ්‍යාපන අමාත්‍යාංශය අනුමත කරන පාසල් ගාස්තු හැර ළමා ගුරු දින ඇතුළු විවිධ උත්සව සඳහා දරුවන්ගෙන් සහ මවුපියන්ගෙන් මුදල් එකතු කිරීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා පාසල් බලධාරීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

පාසල්වල අවිධිමත් ලෙස මුදල් අය කිරීම තහනම් කරමින් 2015/5 චක්‍රලේඛය නිකුත් කර ඇති බව පැවසූ අධ්‍යාපන ලේකම්වරයා මවුපියන් දැඩි ආර්ථික අපහසුතා මැද සිටින අවස්ථාවක ඔවුන් මත අනවශ්‍ය බර පටවමින් කටයුතු නොකිරීමට විශේෂයෙන් විදුහල්පතිවරුන් වග බලා ගත යුතු බවද ප්‍රකාශ කළේය.

පාසල් දරුවන්ගෙන් සහ මවුපියන්ගෙන් විවිධ ආකාරයේ මුදල් ඇයි කිරීමේ සිද්ධීන් ගණනාවක් පිළිබඳව පසුගිය දිනවල තොරතුරු අනාවරණය කෙරිණ.

Related posts

ලංවිම සේවක වන්දි ගෙවන්න කෝටි 15,000ක් අවශ්‍යයි | බැංකු ණයක් ගන්න විදුලි බල මණ්ඩලයේ සූදානමක්…!!

Editor O

දින කිහිපයකින් ගෑස් ප්‍රශ්නය නිම වෙන ලකුණු

Mohamed Dilsad

ආනයනික සිමෙන්තිවල බදු ඉහළට

Mohamed Dilsad

Leave a Comment