දේශීය

අද සිට ක්‍රියාත්මක අලුත් බද්ද මෙන්න

(UTV | කොළඹ) – පසුගිය අයවැයෙන් හඳුන්වා දුන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අද ( 1) සිට ක්‍රියාත්මක වේ.

මේ මස මුලදී සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 81කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

අනතුරුව පසුගිය සතියේ කතනායක මහින්ද යාපා අබේවර්ධන ඒ සඳහා සිය අනුමැතිය ලබා දුන්නේ ය.

ඒ අනුව, වාර්ෂිකව රුපියල් මිලියන 120කට වැඩි පිරිවැටුමක් ලබන ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන්, තොග වෙළෙන්දන් සහ සිල්ලර වෙළෙන්දන්ගෙන් මෙම බදු අය කර ගැනීම සිදු කෙරේ.

නව බද්දෙන් රජය උපයා ගැනීමට අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 140කි.

පවතින ආර්ථික අර්බුදය හමුවේ රජය රැකවරණය සැපයිය යුතු සමාජ කණ්ඩායම් රැකබලා ගැනීම වෙනුවෙන් අරමුදල් ලබා ගැනීම මෙම බදු මගින් අපේක්ෂා කෙරේ.

Related posts

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ට එරෙහිව රීට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්

Editor O

ඩුබායිහි රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් මත්තලට

Mohamed Dilsad

පැය 24 ක් තුළ විදෙස්ගත ලාංකිකයින් 1,664 ක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment