දේශීය

දින කිහිපයකින් ගෑස් ප්‍රශ්නය නිම වෙන ලකුණු

(UTV | කොළඹ) – කෙරවලපිටිය ගෑස් ගබඩා සංකීර්ණයට නෞකා මගින් ගෙන ආ ගෑස්, බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත ලබා දීමේ කටයුතු සාර්ථකව සිදුවන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

එහෙත් ගෑස්වල තත්ත්වය පරික්ෂා කළ යුතු බැවින් ක්ෂණිකවම ඒවා වෙළෙදපොළට නිකුත්කළ නොහැකි බව එම සමාගම පෙන්වා දෙනවා.

ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාවේ ගෑස් ගොඩබෑමේ කටයුතු ඊයේ පස්වරුවේ ආරම්භ වුණා. එම නෞකාවෙන් ගොඩබෑ ගෑස් තොගයි මෙලෙස ගෑස් බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කෙරෙන්නේ. ඒ අනුව එක් දිනකට ගෑස් සිලින්ඩර එක්ලක්ෂ විසිදහසක් වෙළෙදපොලට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් කියා සිටියේ.

එහෙත් මෙම ගෑස් තොග ආසැනින් වෙලදපොලට බෙදා හැරීමට නොහැකි තත්ත්වයකුයි පවතින්නේ. මෙම සියලු ගෑස් තොගවල තත්ත්වය සියුම් ලෙස පරික්ෂා කළ යුතු වනවා. එමෙන්ම දිවයින පුරා හිස් ගෑස් සිලින්ඩර් නැවත ගෙන්වා ගැනීමද සිදු කළ යුතුයි. එවැනි තත්ත්වයක් තුළ එක්වරම වෙළෙදපොලට ගෑස් නිකුත් කළ නොහැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එම නිසා දින කිහිපයක් යන විට මුළුමනින්ම ගෑස් වෙළදපොලට නිකුත් කිරීම යථාතත්ත්වයට පත් කළ හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

Related posts

වන සත්ත්ව උවදුර පාලනයට වගා ආරක්ෂකයින් යෙදවීමට තීරණයක්

Editor O

දේශබන්දු ඉවත් කිරීමේ යෝජනාව ඡන්ද 177කින් සම්මතයි

Editor O

තැපැල් ඡන්දය සලකුණු කිරීමේ අවසන් දිනය අද

Editor O

Leave a Comment