දේශීය

ආනයනික සිමෙන්තිවල බදු ඉහළට

ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ධ ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබේ.

 

ජූනි මස 17වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ බදු මුදල් සංශෝධනය කර ඇති බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය සඳහන් කළේය.

 

ඒ අනුව කෘතිම ලෙස වර්ණ ගැන්වු හෝ වර්ණ නොගැන්වූ සුදු සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සදහා පනවා තිබූ රුපියල් 3ක සෙස් බද්ධ රුපියල් 5 දක්වා ඉහළ දමා තිබේ.

 

ඊට අමතරව කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වලින් ආනයනය කරනු ලබන අනෙකුත් පෝට්ලන්ඩ් සිමේන්ති කිලෝග්‍රෑම් 1ක් සඳහා වූ රුපියල් 5ක සෙස් බද්ධ රුපියල් 8 දක්වා ඉහළ දමා ඇති බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය සඳහන් කළේය.

 

කිලෝග්‍රෑම් 50 සහ ඊට වැඩි ඇසුරැම්වලින් තොග වශයෙන් ආනයනය කරනු ලබන අනෙකුත් පෝට්ලන්ඩ් සිමෙන්ති කිලෝගෑම් 1ක් සඳහා අයකළ රුපියල් 3ක බද්ධ රුපියල් 5 දක්වා ඉහළ දමා තිබේ.

Related posts

මහ බැංකු අධිපතිගෙන් බැංකුවලට දැනුම්දීමක් [RELEASE]

Mohamed Dilsad

ගිවිසුමකට අත්සන් තියන්න ධවල මන්දිරේට පැමිණි සෙලෙන්ස්කිට පුටින්ගෙන් දොස්

Editor O

සෞඛ්‍ය නීති කඩකළ 2494 දෙනෙක්ට අවවාද

Mohamed Dilsad

Leave a Comment