දේශීය

මෛත්‍රීගෙන් රිට් පෙත්සමක්

(UTV | කොළඹ) – පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව තමාට අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වා නිකුත් කර ඇති සිතාසිය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා සහ එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා නම් කර ඇති බව වාර්තාවේ.

පාස්කු ප්‍රහාරය එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් ගොනුකර ඇති පුද්ගලික පැමිණිල්ලට අදාළව සැකකරුවෙකු ලෙස නම් කරමින් ලබන ඔක්තෝබර් මස 14 වනදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිතාසි නිකුත් කර තිබුණි.

Related posts

ඉල්ලීම් 07 ක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් විරෝධතාවක

Mohamed Dilsad

අද සිට වැසි වැඩිවේ

Mohamed Dilsad

මියන්මාර පීඩාවට පත් ජනතාවට සහන සලසන්න ශ්‍රී ලංකාවෙන් හමුදා කණ්ඩායම් 3 ක්

Editor O

Leave a Comment