දේශීය

කොළඹට එන යන රියදුරන්ට විශේෂ නිවේදනයක්

(UTV | කොළඹ) – කොළඹ-අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොටිකාවත්ත මංසන්ධිය දක්වා කොටස තාවකාලිකව වසා තැබෙන බවට පොලීසිය පවසයි.

ඒ අනුව එම කොටස හෙට (01) රාත්‍රී 10.00 සිට අනිද්දා (02) සවස 05 දක්වා වසා තැබෙනු ඇත.

එහිදී එම කොටස මාර්ගය අවට පදිංචිකරුවන්ට ගමනාගමනය සඳහා සීමිත වේලාවකට අවසර හිමිවනු ඇත.

මෙම කාලය තුළදී කොළඹ දෙස සිට පැමිණෙන වාහන වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොලොන්නාව හරහා ගොතටුව නගරය, කොටිකාවත්ත මංසන්ධියෙන් නැවත අවිස්සාවේල්ල මාර්ගයට පැමිණිය හැක.

එසේම අවිස්සාවේල්ල දෙස සිට පැමිණෙන වාහන කොටිකාවත්ත මංසන්ධියෙන් ගොතටුව නගරය, කොලොන්නාව හරහා වැල්ලම්පිටිය මංසන්ධියෙන් කොළඹ දෙසට ගමන්කළ හැක.

කඩුවෙල සිට ඔරුගොඩවත්ත දක්වා වූ භූගත ජලනල පද්ධතිය සකස් කිරීම හේතුවෙන් මෙම මාර්ග කොටස වසා තැබෙන බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

Related posts

ජනපති සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

Mohamed Dilsad

ගිනි නිවන හමුදාවේ නිලධාරීන් සිව් දෙනෙකුටත් කොරෝනා

Mohamed Dilsad

වාලච්චේන පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කරයි

Mohamed Dilsad

Leave a Comment