දේශීය

අද සිට වැසි වැඩිවේ

(UTV |කොළඹ) – දිවයිනේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (16) දිනයේ සහ ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

විශේෂයෙන් උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ද තැනින්තැන පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි.100ට වැඩි තද වැසි බලාපොරොත්තුවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ අංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශ 8 ක ජනතාවට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

අගමැති ධූරය සජිත් ප්‍රේමදාස මහතාට දෙන්න කැමතියි – එජාප, කැස්බෑව ආසන සංවිධායක සමන් රත්නප්‍රිය

Editor O

නව කැබිනට් මණ්ඩලය අද දිව්රුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment