දේශීය

තුන් වැනි චාල්ස් රජුගේ රුව සහිත පවුම් පහේ කාසියක්

(UTV | කොළඹ) – රෝයල් මින්ට් හෙවත් බි්‍රතාන්‍ය සම්ප්‍රදායික කාසි නිපදවන්නා විසින් තුන්වන චාල්ස් රජුගේ කාසිය සැළසුම් කර තිබෙනවා.

පැන්ස 50ක සහ පවුම් පහක කාසි දෙකක් මෙලෙස චාල්ස් රජුගේ මුහුණ සහිත ව නිකුත් කිරීමට යි සැළසුම් කර ඇත්තේ.

බිරිතාන්‍ය සම්ප්‍රදායට අනුව අනුප්‍රාප්තික රජුගේ හෝ රැජිණගේ රුව කාසියක සටහන් වන්නේ මීට පෙර රජු හෝ රැජිණගේ රුව දැක්වුණු දිශාවට ප්‍රතිවිරුද්ධව යි.

ඒ අනුව චාල්ස් රජු ඔටුන්න රහිතව වම්පස බලා හිඳින අයුරු එම කාසියේ දැක්වෙනවා.

එම රුව වටා චාල්ස් රජු දෙවියන්ගේ සාඩම්බරයා සහ විශ්වාසයේ ආරක්ෂකයා ලෙස දැක්වෙන ලතින් පාඨයක්ද මුද්‍රණය කර ඇති බව සඳහන්.

Related posts

ළඟදීම විපක්ෂයේ නව පෙරමුණක්

Mohamed Dilsad

දුම්රිය සේවයෙන් පිරිසක් විශ්‍රාම යද්දී දුම්රිය ගමන්වාර රැසකුත් නතර වෙයි

Mohamed Dilsad

සීතාවකට විවෘත ඡන්දයක් ඉල්ලා, සාරාංගිකාට එරෙහිව, මන්ත්‍රීවරු අධිකරණයට යති.

Editor O

Leave a Comment