දේශීය

“ඉන්දු – ශ්‍රී ලංකා සහයෝගිතාවයේ සීමාව අහසයි”

(UTV | කොළඹ) – ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගිතාවයේ සීමාව “අහස” බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ පවසයි.

මහ කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේ, ඉන්දීය තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව (ITEC) සහ ශ්‍රී ලංකාව අතර පවතින හවුල්කාරීත්වයේ 58 වන සැමරුම් උත්සවයේදී ය.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වී තිබේ.

සමස්ත ඉන්දු – ශ්‍රී ලංකා සහයෝගිතාව තුළ ඉන්දීය තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාවට (ITEC) හිමිවන වැදගත්කම එහිදී මහ කොමසාරිස්වරයා අවධාරණය කර ඇත.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ITEC ජාලය දිනෙන් දින වර්ධනය වන අතර සෑම වසරක ම ශිෂ්‍යත්ව 400කට අධික සංඛ්‍යාවක් පිරිනමන බව ය.

Related posts

අද දවසේ කාළගුණ තත්ත්වය මෙන්න

Mohamed Dilsad

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සති අන්තයේ දිවයිනට

Mohamed Dilsad

ජාතික ගීය සිංහලෙන් පමණක් කීම ගැන ඉන්දියාව කණගාටුවෙන්

Mohamed Dilsad

Leave a Comment