දේශීයප්‍රමුඛ පුවත 1

ජාතික ගීය සිංහලෙන් පමණක් කීම ගැන ඉන්දියාව කණගාටුවෙන්

(UTV |කොළඹ) –   නිදහස් දින උත්සවයේ දී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරන බව තමිල්නාඩු දේශපාලන පක්ෂ සඳහන් කරයි.

ඉදීය මාධ්‍ය වාර්තා පවසන්නේ තමිල්නාඩු විපක්ෂයේ ප්‍රධාන පක්ෂයක් වන ඩී.එම්.කේ පක්ෂ සභාපති එම්.කේ ස්ටාලින් සහ පාලක භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ පී.එම්.කේ. පක්ෂයේ නිර්මාතෘ එස්.රාමදෝස් මේ සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරඇති බවයි.

මෙම තීරණය තමන් කණස්සල්ලට හා කලකිරීමට පත්කළ සිදුවීමක් බවත් ඒ පිළිබඳව වහාම සොයා බලන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට දැනුම් දෙන බවත් ඔවුහු පෙන්වාදී තිබේ.

කෙසේ වෙතත් නිදහස් දින උත්සවයේ දී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමට රජය විසින් මෙතෙක් නිල වශයෙන් තීරණය කර නොමැති බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පලාත් පාලන හා පලාත් සභා අමාත්‍යාංශය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මා දැල් කර්මාන්තයේ නියැලෙන්නන්ට පහසුකම් දෙන්නයි උපදෙස්

Mohamed Dilsad

පෞද්ගලික මන්ත්‍රී යෝජනා අද විවාදයට

Mohamed Dilsad

මධ්‍යම පළාතේ ගවයින්වත් කොටුකරයි

Mohamed Dilsad

Leave a Comment