දේශීය

තුන් වැනි චාල්ස් රජුගේ රුව සහිත පවුම් පහේ කාසියක්

(UTV | කොළඹ) – රෝයල් මින්ට් හෙවත් බි්‍රතාන්‍ය සම්ප්‍රදායික කාසි නිපදවන්නා විසින් තුන්වන චාල්ස් රජුගේ කාසිය සැළසුම් කර තිබෙනවා.

පැන්ස 50ක සහ පවුම් පහක කාසි දෙකක් මෙලෙස චාල්ස් රජුගේ මුහුණ සහිත ව නිකුත් කිරීමට යි සැළසුම් කර ඇත්තේ.

බිරිතාන්‍ය සම්ප්‍රදායට අනුව අනුප්‍රාප්තික රජුගේ හෝ රැජිණගේ රුව කාසියක සටහන් වන්නේ මීට පෙර රජු හෝ රැජිණගේ රුව දැක්වුණු දිශාවට ප්‍රතිවිරුද්ධව යි.

ඒ අනුව චාල්ස් රජු ඔටුන්න රහිතව වම්පස බලා හිඳින අයුරු එම කාසියේ දැක්වෙනවා.

එම රුව වටා චාල්ස් රජු දෙවියන්ගේ සාඩම්බරයා සහ විශ්වාසයේ ආරක්ෂකයා ලෙස දැක්වෙන ලතින් පාඨයක්ද මුද්‍රණය කර ඇති බව සඳහන්.

Related posts

බැස්ටියන් මාවතේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට

Mohamed Dilsad

සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කරමින් ගැසට් නිවේදනය නිකුත් වෙයි

Mohamed Dilsad

දිනක වැටුප පරිත්‍යාග කිරීම සන්නද්ධ හමුදාවන්ට සහ පොලීසියට අදාළ නොවේ

Mohamed Dilsad

Leave a Comment