Trending Newsඑසැන පුවත්දේශීය

සීතාවකට විවෘත ඡන්දයක් ඉල්ලා, සාරාංගිකාට එරෙහිව, මන්ත්‍රීවරු අධිකරණයට යති.

බස්නාහිර පළාත් පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර ඇතුළු වගඋත්තරකරුවන් සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උපසභාපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වැළැක්වීමට අතුරු නියෝගයක් ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

මෙම පෙත්සම ගොනු කර ඇත්තේ සභාවේ බහුතර බලය හිමි බව පවසන විපක්ෂ නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් විසිනි.

ජුනි 17 වැනි දින පැවති ආරම්භක රැස්වීමේදී රහස් ඡන්ද විමසීම් පැවැත්වීමට කොමසාරිස් සාරංගිකා ජයසුන්දර ගත් තීරණයට ඔවුහු ඉන් අභියෝග කරති.

එදින මෙම තීරණයට විරෝධය පළ කරමින් මන්ත්‍රීවරුන් 24 දෙනෙකු සභා ශාලාවෙන් පිටව ගිය බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ගණපූරණයක් නොමැති වූ බවත් පෙත්සම්කරුවෝ ප්‍රකාශ කර ඇත.

Related posts

Visa issue forces Man Utd’s Sanchez to miss start of US tour

Mohamed Dilsad

மென்செஸ்டரில் இடம்பெற்ற தாக்குதலால் இலங்கையர் எவருக்கும் பாதிப்பில்லை

Mohamed Dilsad

ජනපති සහ WHO ප්‍රධානී අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment