දේශීය

ජනපති සහ WHO ප්‍රධානී අතර සාකච්ඡාවක්

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රස් ඇඩනම් මහතා අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ සංවාදයක් පවත්වා ඇත.   

ජනාධිපතිවරයා ට්විටර් සටහනක් මගින් කියාසිටියේ ඇස්ට්‍රා – සෙනෙකා දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය එන්නත් ලක්ෂ 06 ක් ලබා ගැනීම වෙනුවෙන් එහිදී අවධානය යොමු කල බවයි.

එම මාත්‍රා ලබාදීම සඳහා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් උත්සාහයක් දරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Related posts

ගල් අඟුරු නැව් 38ක් අවශ්‍යයි | ආවේ 03යි | ඒ තුනම බාලයි |

Editor O

මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට

Editor O

පාකිස්ථාන යුද්ධ නෞකාවක් කොළඹට

Mohamed Dilsad

Leave a Comment