දේශීය

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සියුලර් අංශය බිඳ වැටෙයි

(UTV | කොළඹ) – පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව නතර කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, නැවත දැනුම් දෙන තුරු, අදාළ කටයුතු නතර කිරීමට පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් කටයුතු අංශයේ සහ යාපනය, ත්‍රිකුණාමලය, මාතර, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශිය කාර්යාලවල සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටවෙනු ඇති.

විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ, මේ වන විට පරිගණක පද්ධතියේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති අතර, එය යථාතත්වයට පත් කළ පසු නැවත දැනුම් දෙන බවයි.

කෙසේ වෙතත් අනෙකුත් කන්සියුලර් සේවාවන් කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන බව යි විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරන්නේ.

Related posts

යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දෙයි

Mohamed Dilsad

සමගි ජන බලවේගය, දිස්ත්‍රික් 10ක් සඳහා නායකයින් පත් කරයි.

Editor O

දෙමටගොඩ කඩු ගබඩාවක් වටලයි

Mohamed Dilsad

Leave a Comment