ක්‍රීඩා

ඉන්දු – ශ්‍රී ලංකා තරගය අද

(UTV | කොළඹ) – ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තීරණාත්මක තරඟයක් අද පැවැත්වෙනවා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතරයි.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ලැබවුහොත් ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබනවා.

ඉන්දිය කන්ඩායම මෙම තරඟය පරාජයට පත්වුවහොත් ඔවුන්ට ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවනවා.

මේ අතර ඩුබායිහිදී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පැවසුවේ අද තරඟය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමකින් සිටින බවයි.

අද තරගය සදහා චරිත් අසලංක වෙනුවට ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවීමට අවධානය යොමුව තිබෙනවා.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ නොමැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සදහන් කළේ.

ඉන්දියාවට එරෙහිව අද පැවැත්වෙන තරගයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉතා හොඳ මානසික මට්ටමකින් පසුවන බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසයි.

තරගයට පෙර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

Related posts

ක්‍රිකට් කළමනාකරු ලෙස චරිත් සේනානායක පත් කෙරේ

Mohamed Dilsad

ක්‍රීඩාංගනයක් දියුණු කළාම රෝහලක් හදන්න තියෙන අවශ්‍යතාව අඩුයි – අගමැති

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු ෆෝමියුලා වන් තරඟය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment