දේශීය

එක්සත් ජාතික පක්ෂ 76 වැනි සංවත්සරය අද

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂ 76 වැනි සංවත්සරය අදයි.

1946 සැප්තැම්බර් 06 වැනි දින කොළඹ ෆාම් කෝට් මන්දිරයට එක් වූ ලංකා ජාතික සංගමයේ නායකයන් ප්‍රමුඛ සිංහල මහ සභාව, ශ්‍රී ලංකා යෝනක සංගමය, මැලේ ජාතික සංගමය, බර්ගර් පෙරමුණ, ද්‍රවිඩ සංගමය, මුස්ලිම් පෙරමුණ, යුරෝපීය සංගමය, හෙළ හවුලේ ඇතැම් කොටස් එක් වී එක්සත් ජාතික පක්ෂය පිහිටුවා ගත්තේ ජාතික අරමුණු රාශියක් ඉදිරියේ තබා ගනිමිනි.

රට ගොඩ ගැනීමට සියලු දෙනා එක් කර ගැනීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සම්මේලනය ‘එක්ව රට ගොඩනඟමු’ යන තේමාව යටතේ අද (06) පස්වරු 3ට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

පක්ෂයේ ජනාධිපතිවරයකු යටතේ එක්සත් ජාතික පක්ෂය මෙවර සමුළුව පවත්වන්නේ වසර 28කට පසුවය.

එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයකු යටතේ ඔවුන් සංවත්සර සමුළුවක් පවත්වා ඇත්තේ 1993දීය.

Related posts

නුවරඑළියේ අවුරුදු උත්සවය ගැන ආණ්ඩුකාරවරයාගෙන් පරීක්ෂණයක්

Mohamed Dilsad

හිටපු මහ බැංකු අධිපතිට එරෙහි, මූලික අයිතිවාසිකම් පෙත්සමක්, ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි

Editor O

පාසල් නිල ඇඳුම් ලැබෙන දිනය ගැන අධ්‍යාපන ඇමතිගෙන් ඉඟියක්

Mohamed Dilsad

Leave a Comment