දේශීය

පාසල් නිල ඇඳුම් ලැබෙන දිනය ගැන අධ්‍යාපන ඇමතිගෙන් ඉඟියක්

­2023 වර්ෂය සඳහා පාසල් සිසුන්ට අවශ්‍ය නිල ඇඳුම් මාර්තු 20 වනදා පමණ වන විට ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

 

චීන රජයෙන් මේ වන විට මෙරට පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදිපිළි අවශ්‍යතා‍වයෙන් 70%ක් සපුරා ඇති අතර අදාළ නිල ඇඳුම් රෙදිපිළි ඉදිරි දින කිහිපය තුළ සමුපාකාර දෙපාර්තමේන්තුවේ ලොරි රථ යොදාගෙන බෙදා හරින බවත් අමාත්‍යවරයා පවසා සිටියා.

 

2022 වසරේ 03 වන පාසල් වාරය මාර්තු මස 24 වන බවත් 2023 වසරේ පළමු පාසල් වාරය මාර්තු 27 ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

Related posts

පාතාල නායකයන් 10 ක් අල්ලන්න ජාත්‍යන්තර පොලිසියෙන් සහාය

Mohamed Dilsad

හදිසි නීතිය මේ මස අහෝසි වන ලකුණු

Mohamed Dilsad

“ඉටුකම” සෞඛ්‍ය හා සමාජ රක්ෂණ අරමුදල පිහිටුවයි

Mohamed Dilsad

Leave a Comment