දේශීය

සුපිරි අවන්හලේ සංවිධානය කළ ෆේස්බුක් සාදය

කොම්පඤ්ඤවීදියේ, සුපිරි අවන්හලක 30 වැනි මහලේ පැවැත්වූ මත්ද්‍රව්‍ය සාදයක් වටලා තරුණියක් ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

අද (15) අලුයම පානදුර, වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් එම වැටලීම සිදුකර තිබුණි.

 

සැකකරුවන් සන්තකයේ තිබී කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1ක්, කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් සහ ඩාන්සින් ටැබ්ලට් ලෙස හඳුන්වන මත් පෙත්තක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

 

සාදය ෆේස්බුක් මගින් සංවිධානය වූවක් බව පොලීසිය විසින් අනාවරණය කර ගෙන ඇත.

 

 

Related posts

වෛද්‍යවරු රජයේ වාහනයක් ඉල්ලයි

Editor O

‘පන්නමු’ : දෙවන දවස අද

Mohamed Dilsad

යුද හමුදා වෑන්රථයක් අනතුරක

Mohamed Dilsad

Leave a Comment