දේශීය

‘පන්නමු’ : දෙවන දවස අද

(UTV | කොළඹ) – පන්නමු යන මැයෙන් ජාතික ජන බලවේගය සංවිධාන කර ඇති දැවැන්ත පාගමන අද දිනයේත් ක්‍රියාත්මකයි.

ඊයේ දිනයේදී බේරුවල නගරයෙන් ආරම්භ එය අද වාද්දුවේ සිට මොරටුව දක්වා ගමන් කිරීමටයි නියමිතව ඇත්තේ.

විරෝධතා පාගමන ඊයේ පෙරවරුවේ බේරුවලින් ආරම්භ වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතාවයට සහය පළ කරමින් මෙම පාගමන සංවිධානය කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයින් අද වාද්දුව සිට මොරටුව දක්වා පාගමනක් පැවැත්වීමට නියමිතයි.

එම පිරිස හෙට මොරටුව සිට ගාලුමුවදොර දක්වා විරෝධතා පා ගමනක නිරත වන අතර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ භූමියේ පැවැත්වෙන විරෝධතාවයට ද එක්වීමට නියමිතයි.

Related posts

ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින රැඳිවියන් පිරිසක් විරෝධතාවක

Mohamed Dilsad

මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ තවත් 246 කට කොරෝනා

Mohamed Dilsad

12 ත් 15 ත් අතර දරුවන්ට ෆයිසර් සුදුසු බවට යුරෝපයෙන් අනුමැතියක්

Mohamed Dilsad

Leave a Comment