ක්‍රීඩා

ඕස්ට්‍රේලියානු ෆෝමියුලා වන් තරඟය අත්හිටුවයි

(UTV | ඕස්ට්‍රේලියා) –  ඕස්ට්‍රේලියානු ෆෝමියුලා වන් තරගය අත්හැර දැමීමට තරඟ සංවිධායකවරුන් කටයුතු කර තිබේ.

මැක්ලරන් කණ්ඩායමේ සාමාජිකයෙකුට කොවිඩ් 19 වැළදී ඇතැයි තහවුරු වීම හේතුවෙන් මෙම සති අන්තයේදී පැවැත්වීමට නියමිතව තිබූ තරඟාවලිය අත්හැර දැමීමට කටයුතු කර තිබේ.

මීට අමතරව ලබන සති අන්තයේදී පැවැත්වීමට නියමිත බහරේන් ෆෝමියුලා වන් තරගයද ප්‍රේක්ෂකයන් නොමැතිව පැවැත්වීමට තරග සංවිධායකන් තීරණය කර තිබේ.

මැක්ලරන් කණ්ඩායමේ සාමාජිකයාට කොවිඩ් වැළදීම නිසා එම කණ්ඩායමේ සියලුම සාමාජිකයන් තමන් නැවැතී සිටින හෝටලයේ සිටම නිරෝධායනයට කටයුතු කර ඇත.

Related posts

වසරේ ඔලිම්පික් කාන්තාව තිලකා

Mohamed Dilsad

ලෝක කුසලාන පන්දු වාර විස්ස 16 වනදා ඇරඹේ

Mohamed Dilsad

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගෙන් ලෝක වාර්තාවක්

Mohamed Dilsad

Leave a Comment