ගොසිප්

ගෝඨා එන්න සීතා යයි..

(UTV | කොළඹ) – හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පාර් ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් තමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනී සීතා අරඹේපොළ පැවසුවාය.

කෙසේ වෙතත් එවැනි ඉල්ලීමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හෝ වෙනත් කිසිවෙකු හෝ මෙතෙක් කර නැතැයි ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පක්ෂය තුළ මෙතෙක් සිදුව නොමැති බව ද සීතා අරඹේපොල මහත්මිය සඳහන් කළාය.

Related posts

වැඩ තහනමට ලක්වූ පොලිස් නිළධාරීන් දෙදෙනා යළි සේවයට

Mohamed Dilsad

අපිට බණින අය, විවේචනය කරන අය සතුරන් නොවේ

Mohamed Dilsad

කොරෝනා සැක රෝගියකු හෝමාගම රෝහලෙන් පනී

Mohamed Dilsad

Leave a Comment