ගොසිප්

අපිට බණින අය, විවේචනය කරන අය සතුරන් නොවේ

(UTV | කොළඹ) – වාසුදේව නානායක්කාර ඇමැතිවරයා ධුරයෙන් ඉවත් නොකළේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමැති ධුරවලින් ඉවත් කිරීමෙන් පසු ඇමැතිවරයාද ඉබේම ඉවත් වනු ඇතැයි යන අදහසින් බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් හමුවේ ඊයේ (8 වැනිදා) ප්‍රකාශ කර තිබේ.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමැති ධුරවලින් ඉවත් කළේ කැමැත්තකින් නොවන බවත් ඇමැතිවරයා පවසා ඇත.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ හමුවේදී නැගුණු ප්‍රශ්න කිරීම්වලදීය.

එහෙත් අපිට බණින අය, විවේචනය කරන අය සතුරන් නොවන බවද ඔහු පැවැසුවේය. ඉවසීමෙන් වැඩ කරන ලෙසත්, අගමැතිතුමාගෙන් දේශපාලන ඉවසීම ගැන ගොඩාක් ඉගෙන ගත හැකි බවත් ඇමැතිවරයා මන්ත්‍රී කණ්ඩායම හමුවේ ප්‍රකාශ කළේය.

Related posts

‘ජයත් නැති සුන්දරත් නැති’ පී බී – විමල්ගෙන් ප්‍රහාරයක්

Mohamed Dilsad

සෞඛ්‍ය අමාත්‍යංශයේ කටයුතු හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරිය කණස්සලල්ට

Mohamed Dilsad

රඹුටන් ඇටයක් සිරවීමෙන් මාස 11 ක දරුවෙකු මියයයි

Mohamed Dilsad

Leave a Comment