ගොසිප්

වැඩ තහනමට ලක්වූ පොලිස් නිළධාරීන් දෙදෙනා යළි සේවයට

(UTV | කොළඹ) – ඇඳිරි නීති බලපත්‍ර නොමැතිව පාගමනින් මාර්ගයේ ගමන් කල පුද්ගලයන් 4 දෙනෙකුට අපහාස වන අයුරින් සැලකීමේ චෝදනාවට වැඩ තහනමට ලක්වූ පොලිස් නිළධාරීන් දෙදෙනා යළි සේවයේ පිහිටුවා තිබේ.

බස්නාහිර පළාත භාර උසස් පොලිස් නිළධාරියෙකු සඳහන් කලේ වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත ඊයේ රාත්‍රියේදී ඔවුන් දෙදෙනා යලි සේවයේ පිහිටවූ බවයි.

ඊයේ(12) කොළඹ ඩාර්ලි පාරේ සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් කොළඹ නාගරික රථවාහන කොට්ඨාශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු මෙලෙස වැඩ තහනමට ලක් වුණි.

 

Related posts

“සෙල්ෆිවලට මාස්ක් ගලවන්න වුණා, ඒත් මෙන්න මට කොරෝනා හැදිලා..”

Mohamed Dilsad

නාවික සෙබළෙකුත් කොරෝනා රෝගයට ගොදුරු වෙයි

Mohamed Dilsad

කිරිපිටි මිල නැවත ඉහළ යන ලකුණු

Mohamed Dilsad

Leave a Comment