ගොසිප්

වැඩ තහනමට ලක්වූ පොලිස් නිළධාරීන් දෙදෙනා යළි සේවයට

(UTV | කොළඹ) – ඇඳිරි නීති බලපත්‍ර නොමැතිව පාගමනින් මාර්ගයේ ගමන් කල පුද්ගලයන් 4 දෙනෙකුට අපහාස වන අයුරින් සැලකීමේ චෝදනාවට වැඩ තහනමට ලක්වූ පොලිස් නිළධාරීන් දෙදෙනා යළි සේවයේ පිහිටුවා තිබේ.

බස්නාහිර පළාත භාර උසස් පොලිස් නිළධාරියෙකු සඳහන් කලේ වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත ඊයේ රාත්‍රියේදී ඔවුන් දෙදෙනා යලි සේවයේ පිහිටවූ බවයි.

ඊයේ(12) කොළඹ ඩාර්ලි පාරේ සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් කොළඹ නාගරික රථවාහන කොට්ඨාශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු මෙලෙස වැඩ තහනමට ලක් වුණි.

 

Related posts

ගුරු මවගෙන් පුත්‍රයාට අයිස්, ගංජා සමග සුපිරි මත්පැන් සාදයක්

Mohamed Dilsad

පිටකෝට්ටෙන් හමුවූ කොරෝනා පොකුර

Mohamed Dilsad

“රාජපක්ෂලට බණින කටවල් වලට හෙන හත ගහන්න ඕන යකෝ”

Mohamed Dilsad

Leave a Comment